ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:17 - Sinhala Revised Old Version

ඔහු සමාරියට ආ කල ස්වාමීන්වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගෙන් ඉතුරුව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශවනතුරු මරාදැමුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:17
8 හුවමාරු යොමු  

බලව, මම නුඹ පිටට විපත පමුණුවා නුඹ සහමුලින්ම අහකට පිසදමා ආහබ්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳදමා,


මෙසේ එලියා කී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ඔහු මළේය. ඔහුට පුත්‍රයෙකු නොසිටිය බැවින් ඔහු වෙනුවට යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම්ගේ දෙවෙනි අවුරුද්දේදී රජවුණේය.


ආහබ්ගේ මුළු වංශය විනාශවන්නේය. ඉශ්‍රායෙල්වරුන් අතරේ දාසයන් නුමුත් නිර්දාසයන් නුමුත් ආහබ්ගේ සියලු පිරිමින් සිඳදමා,


තවද යේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ටකරද්දී යූදාහි අධිපතීන්ද අහසියාට සේවයකළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන්ද සම්බව ඔහු ඔවුන් මැරුවේය.


මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.