Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 1:17 - Sinhala Revised Old Version

17 මෙසේ එලියා කී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ඔහු මළේය. ඔහුට පුත්‍රයෙකු නොසිටිය බැවින් ඔහු වෙනුවට යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම්ගේ දෙවෙනි අවුරුද්දේදී රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 1:17
11 හුවමාරු යොමු  

තවද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දහඅටවෙනි අවුරුද්දේදී සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය.


යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දස සත්වෙනි අවුරුද්දේදී ආහබ්ගේ පුත්‍රවූ අහසියා ඉශ්‍රායෙල් කෙරෙහි සමාරියේ රජවී දෑවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.


අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේදී නැසුණේය.


ස්වාමීන්වහන්සේ එලියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවීය, තෙල් කුලාවද අඩුනොවීය.


තවද ඔව්හු වේශ්‍යාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය.


යෙහෝෂාපාට් රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසූබාය, ඈ ෂිල්හීගේ දුවය.


හැරී ගොස් ඔහුට දැන්නුවෝය. ඔහු කථාකොට: මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ තිෂ්බිය එලියා ලවා කියෙවු වචනයය–යෙස්‍රෙයෙල් බිම් කොටසේදී බල්ලෝ යෙසෙබෙල්ගේ මාංස කන්නෝය.


ඔහු සමාරියට ආ කල ස්වාමීන්වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගෙන් ඉතුරුව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශවනතුරු මරාදැමුවෝය.


ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජවී ඉශ්‍රායෙල්ට විරුද්ධව තමාගේ බලය පිහිටුවාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්