එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයාවූ අසරියා ඔහුට උත්තරදෙමින්: සෙනඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්ට පටන්ගත්දා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙළෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාදකළසේක; මේ රාශියද ඉතිරිවී තිබේයයි කීවෝය.
2 කොරින්ති 9:11 - Sinhala Revised Old Version මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය. Sinhala New Revised Version මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. සිංහල කාලීන පරිවර්තනය ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින්ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත. Sinhala New Revised Version 2018 මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. |
එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයාවූ අසරියා ඔහුට උත්තරදෙමින්: සෙනඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්ට පටන්ගත්දා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙළෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාදකළසේක; මේ රාශියද ඉතිරිවී තිබේයයි කීවෝය.
මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.
උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා.
නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.
එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය.
මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය.