Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 31:10 - Sinhala Revised Old Version

10 එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයාවූ අසරියා ඔහුට උත්තරදෙමින්: සෙනඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්ට පටන්ගත්දා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙළෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාදකළසේක; මේ රාශියද ඉතිරිවී තිබේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයා වන අශරියා ඔහුට උත්තර දෙමින්, “සෙනඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පඬුරු ගෙනෙන්න පටන් ගත් දා සිට අපි සෑහෙන පමණ අනුභව කොට බොහෝ සෙයින් ඉතුරු කෙළෙමු. මන්ද, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාද කළ සේක. මේ විශාල කොටස ද ඉතිරි වී තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයා වන අශරියා ඔහුට උත්තර දෙමින්, “සෙනඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පඬුරු ගෙනෙන්න පටන් ගත් දා සිට අපි සෑහෙන පමණ අනුභව කොට බොහෝ සෙයින් ඉතුරු කෙළෙමු. මන්ද, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාද කළ සේක. මේ විශාල කොටස ද ඉතිරි වී තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:10
30 හුවමාරු යොමු  

මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අහිතූබ්ට දාව ශාදොක්ද ශාදොක්ට දාව අහිමයාශ්ද;


නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.


සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කූඩා සතක් පුරවා ගත්තෝය.


අද දවස වන නවවෙනි මාසයේ විසිහතරවෙනිදා පටන් මත්තට සිතට ගන්න, එසේය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ අත්තිවාරම තැබූ දවසේ පටන් සිතට ගන්න.


නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.


නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න.


නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,


රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.


හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.


හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.


ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමීන්වහන්සේ යෝසෙප් නිසා මිසරයාගේ ගෙට ආශීර්වාද කළසේක; ගෙයි සහ කෙතෙහි ඔහුට තිබුණාවූ සියල්ල කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය වූයේය.


ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.


මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.


අසරියාට දාව සෙරායාද සෙරායාට දාව යෙහෝශාදාක්ද උපන්නෝය;


නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදය එවා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශීර්වාදකරනසේක.


අහිමයාශ්ට දාව අසරියාද අසරියාට දාව යොහානාන්ද


හෙසකියා ඒ ගොඩවල් ගැන පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද විභාගකෙළේය.


හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.


සියලුම දේවල සියලුම ප්‍රථම ඵලවලින් පළමු ඒවාද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ලද පූජකයන්ට වන්නේය. නුඹේ ගෙය මතුයෙහි ආශීර්වාදයක් පවතින පිණිස නුඹලාගේ අනාපු පිටියෙන් පළමු කොටස පූජකයාට දෙන්න.


මක්නිසාද ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරුත් විය.


දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ ශුද්ධවූ නාමය උදෙසා ඔබට ගෘහයක් ගොඩනැගීමට අප විසින් සූදානම්කළ මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබගේ අතින්ය, සියල්ලම ඔබගේය.


එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.


විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්