හෙසකියාද අධිපතීහුද ඇවිත් ගොඩවල් බලා ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් ප්‍රශංසාකළෝය.
2 කොරින්ති 8:16 - Sinhala Revised Old Version ඉතින් නුඹලා ගැන එම උනන්දුකම තීතස්ගේ සිතට දුන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා. Sinhala New Revised Version ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා! සිංහල කාලීන පරිවර්තනය ඔබ කෙරේ එම දැඩි සැලකිල්ලම තීතස්ගේ හදෙහිත් තැබූ දෙවියන්වහන්සේට ස්තුති වේවා. Sinhala New Revised Version 2018 ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා! |
හෙසකියාද අධිපතීහුද ඇවිත් ගොඩවල් බලා ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් ප්‍රශංසාකළෝය.
මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.
තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී,
බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.
ඉතින් මා නුඹලාට ලියා එවූ නුමුත් එසේ ලියුවේ අයුතුකම කළ අය නිසාවත් අයුතුකම වින්ද අය නිසාවත් නොව, අප ගැන නුඹලාගේ ඇති මහත් සැලකිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාටම ප්‍රකාශවන පිණිසය.
ඔහුගේ ඊමෙන් පමණක් නොව නුඹලා ගැන ඔහු ලැබූ සැනසිල්ලත් කරණකොටගෙනය; නුඹලාගේ මහත් ආශාවද නුඹලාගේ වැලපීමද මා උදෙසා නුඹලාගේ ජ්වලිතකමද ගැන ඔහු දැන්වූ කල, මම තව වඩා ප්‍රීතිවීමි.
තීතස් වනාහි මාගේ පංගුකාරයෙක්ව, නුඹලා උදෙසා මාගේ හවුල් සේවකයෙක්ව සිටින්නේය. අපගේ සහෝදරයෝ වනාහි සභාවල ප්‍රේරිතයෝව, ක්‍රිස්තුස්වහන්සේගේ තේජසක්ව සිටිති.
එහෙයින් තීතස් පළමුවෙන් පටන්ගත් ලෙසම මේ අනුග්‍රහයත් නුඹලා අතරෙහි සම්පූර්ණකරන්ට අපි ඔහුට අවවාදකළෙමුව.
තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණවන තුරු උන්වහන්සේගේ කැමැත්ත කරන්ට එක්සිත්ව තමුන්ගේ රාජ්‍යය මෘගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමතිකෙරෙවුසේක.