Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 8:17 - Sinhala Revised Old Version

17 මක්නිසාද ඔහු අපේ අවවාදය සැබවින් පිළිගත්තේය; නුමුත් තමාම ඉතා උනන්දුව සිටිය බැවින්, ඔහු තමාගේම කැමත්තෙන් නුඹලා ළඟට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නොව, සිය කැමැත්තෙන් ම ඔබ වෙත පැමිණීමට ලොකු උනන්දුවක් දැක්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 මන්ද ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නො වේ; ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී මහත් උද්යෝගයෙන් යුතුව ඔබ වෙත එයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නොව, සිය කැමැත්තෙන් ම ඔබ වෙත පැමිණීමට ලොකු උනන්දුවක් දැක්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:17
5 හුවමාරු යොමු  

එහෙයින් තීතස් පළමුවෙන් පටන්ගත් ලෙසම මේ අනුග්‍රහයත් නුඹලා අතරෙහි සම්පූර්ණකරන්ට අපි ඔහුට අවවාදකළෙමුව.


සහෝදරයෙනි, මේ අනුශාසනාවේ වචනය ඉවසන හැටියට නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඬින් මම නුඹලාට ලියුවෙමි.


මේ කාරණය ගැන මාගේ කල්පනාව කියමි. මක්නිසාද අවුරුද්දකට ප්‍රථම සිට ඒක කරන්ට පමණක් නොව ඊට කැමැතිවෙන්ටත් පටන්ගත් නුඹලාට ඒක ප්‍රයෝජනවත්ය.


මේක මා කියන්නේ අණක් ලෙස නොව වෙන අයවලුන්ගේ උත්සාහවන්තකමෙන් නුඹලාගෙත් ප්‍රේමයේ සැබෑකම විභාගකරන පිණිසය.


මම තීතස්ට අවවාදකොට, ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් නුඹලාගෙන් යම් වාසියක් ලබාගත්තේද? අප ගමන් කළේ එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නොවේද? එක අඩිපාරේ නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්