ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය.
2 කොරින්ති 8:15 - Sinhala Revised Old Version එසේම: බොහෝ එකතුකළ අයට වැඩිවුණේවත් ස්වල්පයක් එකතුකළ අයට අඩුවුණේවත් නැතැයි ලියා තිබේ. Sinhala New Revised Version මෙසේ: “වැඩියෙන් ලැබූ තැනැත්තාට වැඩි වූයේ වත්, අඩුවෙන් ලැබූ තැනැත්තාට අඩු වූයේ වත් නැතැ”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබේ. සිංහල කාලීන පරිවර්තනය ඒ මෙසේ ලියා ඇති පරිද්දෙනි: “බොහොමයක් එකතු කළ කෙනාට වැඩි වුණේ නැත; ස්වල්පයක් එකතු කළ කෙනාට අඩු වුණේ නැත.” Sinhala New Revised Version 2018 මෙසේ: “වැඩියෙන් ලැබූ තැනැත්තාට වැඩි වූයේ වත්, අඩුවෙන් ලැබූ තැනැත්තාට අඩු වූයේ වත් නැතැ”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබේ. |
ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය.