Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 22:35 - Sinhala Revised Old Version

35 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, “පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

35 උන්වහන්සේ කතා කරමින්, “මුදල් පසුම්බියක්වත්, ගමන් මල්ලක්වත්, පාවහන්වත් නැතිව මා ඔබ පිටත් කර යැවූ විට, ඔබට කිසි හිඟයක් වීදැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නැතැ” යි ඔවුහු කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, “පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 22:35
16 හුවමාරු යොමු  

පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න.


තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න.


ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.


ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


ඔහු යෝසෙප්ට ආශීර්වාදකරමින්: මාගේ පියවරුන්වූ ආබ්‍රහම් සහ ඊසාක් යම් දෙවි කෙනෙකුන් ඉදිරියෙහි හැසුරුණෝද ඒ දෙවියන්වහන්සේ, මාගේ මුළු ජීවිතයෙහි මේ දවස දක්වා මා පෝෂණය කළාවූ දෙවියන්වහන්සේ,


උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.


උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුමුත් දැන් පසුම්බියක් ඇත්තෙක් ඒක ගනීවා, එසේම මල්ලකුත් ගනීවා. කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා, කඩුවක් මිලේට ගනීවා.


එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: නුඹේ රටට යන්ට හදන්නේ මා ළඟ නුඹට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.


එසේම: බොහෝ එකතුකළ අයට වැඩිවුණේවත් ස්වල්පයක් එකතුකළ අයට අඩුවුණේවත් නැතැයි ලියා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්