2 කොරින්ති 6:13 - Sinhala Revised Old Version එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලාත් සිතින් විශාලවෙන්න; දරුවන්ට මෙන් මෙසේ කියමි. Sinhala New Revised Version එබැවින් අප කර ඇති සේ ම, ඔබේ සිත් ද පළල් ලෙස විවෘත කරන්න. අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැන ද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න. දරුවන්ට පියෙකු කියන්නාක් මෙන් මම මෙය ඔබට කියමි. සිංහල කාලීන පරිවර්තනය ඒ වෙනුවට දරුවනට මෙන් මා කියන්නේ, ඔබත් ඔබේ හදවත් පුළුල්ව විවර කරන්න කියායි. Sinhala New Revised Version 2018 එබැවින් අප කර ඇති සේ ම, ඔබේ සිත් ද පළල් ලෙස විවෘත කරන්න. අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැන ද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න. දරුවන්ට පියෙකු කියන්නාක් මෙන් මම මෙය ඔබට කියමි. |
මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. නුඹේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.
එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.
සහෝදරයෙනි, මා නුඹලා මෙන් සිටින බැවින්, නුඹලාත් මා ලෙස සිටිනමෙන් නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා මට කිසි වැරැද්දක් කළේ නැත.
මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.
එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට,
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුළාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි.