ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 5:12 - Sinhala Revised Old Version

අපි නැවත අප ගැනම නුඹලාට සාක්ෂි නොදෙමුව, නුමුත් හිතෙන් නොව පෙනීමෙන් පාරට්ටුකරගන්නන්ට උත්තරදෙන්ට නුඹලාට පුළුවන්වන පිණිස අප ගැන පාරට්ටුකරන්ට අපි නුඹලාට කාරණා දෙමුව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අප උත්සාහ කරන්නේ යළිත් අප ම ඔබට රෙකමදාරු කරගැනීමට නොව අප ගැන පාරට්ටු කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ඔබට සලසා දීමට ය. එවිට චරිතය අනුව නොව පෙනුම අනුව පාරට්ටු කරගන්නන්ට පිළිතුරු දීමට ඔබට හැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අප නැවතත් අප ගැනම ඔබට රෙකමදාරු කරගන්නවා නො වේ. හදවතේ ඇති දෑට වඩා පිටස්තර දෑ ගැන උදම් වන්නන්ට පිළිතුරු දිය හැකි වන සේ, අප ගැන උදම් වීමට ඔබට ඉඩ සලසා දෙනවා පමණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අප උත්සාහ කරන්නේ යළිත් අප ම ඔබට රෙකමදාරු කරගැනීමට නොව අප ගැන පාරට්ටු කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ඔබට සලසා දීමට ය. එවිට චරිතය අනුව නොව පෙනුම අනුව පාරට්ටු කරගන්නන්ට පිළිතුරු දීමට ඔබට හැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 5:12
13 හුවමාරු යොමු  

නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.


අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම නුඹලාත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.


මක්නිසාද තමුන් ගැනම සාක්ෂිදෙන්නාවූ සමහරුන් සමඟ අප ගණන්ගන්ට නොහොත් ඔවුන්ට අපම සමානකරගන්ට අපට ධෛර්යය නැත. නුමුත් තමුන්ගේම මිම්මෙන් තමුන්ම මැනගන්නාවූ, තමුන්ටම තමුන් සමානකර බලන්නාවූ ඔව්හු තේරුම් නැතුව සිටිති.


මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.


නුඹලා පෙනීමේ හැටියට කාරණා බලන්නහුද? යමෙක් තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතියයි සිතාගන සිටින්නේ නම්, තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේම අපිත් අයිති බව තමාම කල්පනාකරගනීවා.


මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.


මම අඥානයෙක් වී සිටිමි. ඊට නුඹලා මා සැලැස්සුවහුය. මා ගැන සාක්ෂිදෙන්ට යුතුව තිබුණේ නුඹලා විසින්ය. මක්නිසාද, මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි.


අපි නැවත අප ගැනම සාක්ෂි දෙන්ට පටන්ගනිමුද? නොහොත් සාක්ෂිපත්‍ර නුඹලාට දෙන්ට හෝ නුඹලාගෙන් ගන්ට හෝ සමහරුන්ට මෙන් අපට ඕනෑකරනවාද?


බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද,


මෙසේ වන්නේ, මා ගැන නුඹලාගේ පාරට්ටුකරගැන්ම නැවත නුඹලා වෙතට මාගේ ඊමෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වැඩිවෙන පිණිසය.