2 කොරින්ති 4:13 - Sinhala Revised Old Version තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව. Sinhala New Revised Version තවද, “මම විශ්වාස කළ නිසා කතා කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. සිංහල කාලීන පරිවර්තනය “මම විශ්වාස කළෙමි; එබැවින් මම කතා කළෙමි” යි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මයෙන් යුතුව අපිදු විශ්වාස කරන්නෙමු; එබැවින් කතා කරන්නෙමු. Sinhala New Revised Version 2018 තවද, “මම විශ්වාස කළ නිසා කතා කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. |
එසේ නොව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාසකරමුයයි කීවේය.
මෙසේ කියන්නේ නුඹලාගෙත් මාගෙත් අන්‍යොන්‍ය ඇදහිල්ල කරණකොටගෙන නුඹලා සමඟ මටත් සැනසිල්ල ලැබෙන පිණිසය.
එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුවකිරීමේ දීමනාවද, තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද,
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්: