ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 3:16 - Sinhala Revised Old Version

එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක්කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් කෙනකු ස්වාමින්වහන්සේ වෙත හැරුණු කල, ඒ වැස්ම ඉවත් කෙරේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 3:16
13 හුවමාරු යොමු  

එහෙත් මෝසෙස් ස්වාමීන්වහන්සේ සමඟ කථාකරන පිණිස උන්වහන්සේ ඉදිරියට ඇතුල්ව පිටතට එනතෙක් වැස්ම අහකින් තැබුවේය; ඔහු පිටතට අවුත් තමාට අණකරන්ට යෙදුණු කාරණා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයේය;


උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක.


ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත.


නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.


ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.


ඔව්හුද අවිශ්වාසකමෙහි නොපවතිත් නම් පාස්සනු ලබන්නෝය. මක්නිසාද ඔවුන් නැවත පාස්සන්ට දෙවියන්වහන්සේට පුළුවන.


අද දක්වා මෝසෙස්ගේ ලියවිලි කියවන කල වැස්මක් ඔවුන්ගේ සිත් පිට තිබේ.


මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.


නුඹ පීඩා විඳින කලද මේ සියලු දේ නුඹට පැමිණි කලද අන්තිම දවස්වලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්,