නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.
2 කොරින්ති 11:17 - Sinhala Revised Old Version පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි. Sinhala New Revised Version සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි. සිංහල කාලීන පරිවර්තනය පාරට්ටු කර ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුතුව, මා මෙසේ කියන්නේ ස්වාමින්වහන්සේ පවසන ලෙස නො ව, අඥානයකු වශයෙනි. Sinhala New Revised Version 2018 සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි. |
නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.
කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.
නැත්නම් යම් විධියකින් මකිදෝනිවරු මා සමඟ එන්ට යෙදී නුඹලා සූදානම් නැති බව දුටුවොත්, නුඹලා කොහොම නුමුත් අපි නම් මේ විශ්වාසය නිසා ලජ්ජාවට පැමිණෙන්නෙමුව.