Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 11:17 - සිංහල කාලීන පරිවර්තනය

17 පාරට්ටු කර ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුතුව, මා මෙසේ කියන්නේ ස්වාමින්වහන්සේ පවසන ලෙස නො ව, අඥානයකු වශයෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 11:17
7 හුවමාරු යොමු  

සෙසු අයට මම මෙසේ කියමි, (ස්වාමින්වහන්සේ නො ව, මා ය). යම් සහෝදරයකුට ඇදහිලිවන්තියක නො වූ භාර්යාවක සිටී නම්, ඔහු හා විසීමට ඇය මනාප නම්, ඔහු ඇය දික්කසාද නො කළ යුතු ය.


අනෙක් අතට, මකිදෝනිවරුන් ඇතැම් දෙනකු මා සමඟ අවුත්, ඔබ කිසි සූදානමක් නැතිව සිටිනු දුටුවහොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ ගැන මෙතරම් විශ්වාසයක් තැබූ අප ලජ්ජාවට පත් වනු ඇත.


දැන්, කන්‍යාවන් පිළිබඳව: මේ සම්බන්ධ අණක් ස්වාමින්වහන්සේගෙන් මට ලැබී නැත. එහෙත්, ස්වාමින්වහන්සේගේ දයාව හේතු කොට විශ්වාසය දිනූ කෙනකු වශයෙන් මම මගේ තීරණය දන්වමි.


මා මෙය කියන්නේ අවසරයක් වශයෙන් මිස, නියෝගයක් ලෙස නො වේ;


මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්