අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය.
2 කොරින්ති 1:7 - Sinhala Revised Old Version නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව. Sinhala New Revised Version ඔබ ගැන අපේ බලාපොරොත්තුව ස්ථීර ව පවතී. මන්ද, දුකට පංගුකාර ව සිටින ලෙස ම, ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු. සිංහල කාලීන පරිවර්තනය ඔබ ගැන අපගේ බලාපොරොත්තුව නො සැලේ; මන්ද අපගේ විඳවීම්වලට ඔබ පංගුකාර වන කල අපගේ සැනසිල්ලටත් ඔබ පංගුකාර වන බැව් අප දන්නා බැවිනි. Sinhala New Revised Version 2018 ඔබ ගැන අපේ බලාපොරොත්තුව ස්ථීර ව පවතී. මන්ද, දුකට පංගුකාර ව සිටින ලෙස ම, ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු. |
අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය.
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම නුඹලාත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,
නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ නිසා නොව පසුතැවිලිවීම සඳහා නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ බැවින් දැන් ප්‍රීතිවෙමි. එසේය, කොයි ප්‍රකාරයකින්වත් නුඹලා අපෙන් අලාභ නොවිඳින පිණිස දේවකැමැත්තේ හැටියට නුඹලා ශෝකවුණහුය.
අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක.
අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.
නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි.