Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 1:7 - Sinhala New Revised Version 2018

7 ඔබ ගැන අපේ බලාපොරොත්තුව ස්ථීර ව පවතී. මන්ද, දුකට පංගුකාර ව සිටින ලෙස ම, ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබ ගැන අපේ බලාපොරොත්තුව ස්ථීර ව පවතී. මන්ද, දුකට පංගුකාර ව සිටින ලෙස ම, ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔබ ගැන අපගේ බලාපොරොත්තුව නො සැලේ; මන්ද අපගේ විඳවීම්වලට ඔබ පංගුකාර වන කල අපගේ සැනසිල්ලටත් ඔබ පංගුකාර වන බැව් අප දන්නා බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 1:7
16 හුවමාරු යොමු  

කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.


අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු; අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.


ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.


ඒ ගැන මා කලින් කණගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොව, ඔබගේ සිත් වේදනාව පසුතැවී සිත් හරවා ගැනීමකට තුඩු දුන් නිසා ය. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරූ නිසා, අපෙන් ඔබට කිසි විධියකින් හානියක් නො වී ය.


එහෙත් අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ විනිශ්චය දවසේ දී, අප ඔබ ගැන ආඩම්බර වන සේ ඔබටත් අප ගැන ආඩම්බර වීමට හැකි වන බව ඔබ මුළුමනින් ම තේරුම්ගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.


පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.


අපේ මුතුන්මිත්තන් ජීවත් ව සිටි කාලයේ දී අපිත් සිටියෙමු නම්, දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමු’යි කියන්නහු ය.


අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.


ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්