ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචන ගැන උන්වහන්සේ තර්ජනයක් කරනවා ඇත. එබැවින් තවම ඉතුරුව සිටින සෙස්සන් උදෙසා නුඹේ යාච්ඤාව ඔප්පුකරන්නැයි කීවෝය.
2 කොරින්ති 1:11 - Sinhala Revised Old Version නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය. Sinhala New Revised Version ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තවදුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනු ඇත. සිංහල කාලීන පරිවර්තනය බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය. Sinhala New Revised Version 2018 ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තවදුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනු ඇත. |
ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචන ගැන උන්වහන්සේ තර්ජනයක් කරනවා ඇත. එබැවින් තවම ඉතුරුව සිටින සෙස්සන් උදෙසා නුඹේ යාච්ඤාව ඔප්පුකරන්නැයි කීවෝය.
එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.
නුඹලා උදෙසා කන්නලව්කරමින්, නුඹලා කෙරෙහි ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ඉතා මහත් අනුග්‍රහය නිසා තුමූම නුඹලා කෙරෙහි ඉතා ඇලුම්වෙති.
මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.
ඉතින්, සහෝදරයෙනි, නුඹලා අතරෙහි සිද්ධවුණාක්මෙන් [වෙන තැන්වලත්] ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගොස් ගෞරවයට පැමිණෙන පිණිසද,
ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද නුඹලාගේ යාච්ඤා කරණකොටගෙන මා නුඹලාට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.
අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.