2 ලේකම් 9:18 - Sinhala Revised Old Version සිංහාසනයට සවිකළ පඩි හයක්ද රන් පාපුටුවක්ද ආසනයේ දෙපැත්තෙහි අත්දඬු සහ අත්දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබුණේය. Sinhala New Revised Version සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි. Sinhala New Revised Version 2018 සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි. |
පඩි හය පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක්ද වූහ. කොයි රාජ්‍යයකවත් එබඳු එකක් සාදා තිබුණේ නැත.
බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය.
ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය; ඔහු නැඟුටුවන්නේ කවුද? නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි කීවේය.
එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.