Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:19 - Sinhala Revised Old Version

19 පඩි හය පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක්ද වූහ. කොයි රාජ්‍යයකවත් එබඳු එකක් සාදා තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පඩිවල පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක් ද විය. කිනම් රාජ්‍යයකට වත් එයාකාර සිංහාසනයක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පඩිවල පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක් ද විය. කිනම් රාජ්‍යයකට වත් එයාකාර සිංහාසනයක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:19
4 හුවමාරු යොමු  

මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් සිටියෝය; ඒ පිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය.


යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.


සිංහාසනයට සවිකළ පඩි හයක්ද රන් පාපුටුවක්ද ආසනයේ දෙපැත්තෙහි අත්දඬු සහ අත්දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබුණේය.


සාලමොන් රජුගේ පානපාත්‍රා සියල්ලම රනින් වූයේය, ලෙබනොන් වනය නම් ගෘහයෙහි සියලු භාජනත් පවිත්‍ර රනින් විය. සාලමොන්ගේ දවස් වලදී රිදී අගයක් නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්