ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 31:3 - Sinhala Revised Old Version

තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 31:3
13 හුවමාරු යොමු  

මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.


මක්නිසාද යූදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.


යොෂියා රජද, ඇවිත් සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිසම ගණනේ හැටියට බැටළුපැටවුන්ද එළු පැටවුන්ද තිස්දහසකුත් ගොනුන් තුන්දහසකුත් තමාගේම සම්පතෙන් දුන්නේය.


අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක:


සවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර,