Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 35:7 - Sinhala Revised Old Version

7 යොෂියා රජද, ඇවිත් සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිසම ගණනේ හැටියට බැටළුපැටවුන්ද එළු පැටවුන්ද තිස්දහසකුත් ගොනුන් තුන්දහසකුත් තමාගේම සම්පතෙන් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජොෂියා රජ ද පැමිණ සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිස ම ගණනේ හැටියට බැටළු පැටවුන් ද එළු පැටවුන් ද තිස්දහසකුත්, ගොනුන් තුන්දහසකුත් තමාගේ ම සම්පතෙන් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජොෂියා රජ ද පැමිණ සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිස ම ගණනේ හැටියට බැටළු පැටවුන් ද එළු පැටවුන් ද තිස්දහසකුත්, ගොනුන් තුන්දහසකුත් තමාගේ ම සම්පතෙන් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 35:7
10 හුවමාරු යොමු  

සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


මක්නිසාද යූදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.


අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.


එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.


තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.


තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි.


පාස්කු බැටළුපැටවුන් මරන්න. නුඹලා පවිත්‍රව, මෝසෙස් අතින් ලැබුණ ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට කිරීමට නුඹලාගේ සහෝදරයන් උදෙසා උන් සූදානම්කරන්නැයි කීවේය.


ඔහුගේ අධිපතීහුද සෙනඟටත් පූජකයන්ටත් ලෙවීවරුන්ටත් සිය කැමැත්තෙන්ම දුන්නෝය. දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියෝවූ හිල්කියාද සෙකරියාද යෙහියෙල්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් දෙදාස් හසියයකුත් ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝය.


පූජාකිරීමට කැපකළ බැටළු රැළ මෙන්, යෙරුසලමේ මංගල්‍යවලදී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නුවරවල් මනුෂ්‍ය රැළවලින් පිරෙනවා ඇත. ඔවුන්ද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය. මෙය කරන්නේ ඉශ්‍රායෙල් නිසා නොව ස්වාමීන්වහන්සේගේ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්