ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 31:18 - Sinhala Revised Old Version

ලියවුණාවූ ඔවුන්ගේ සියලු බාලයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද යන මුළු සභාවට දුන්නෝය. තවද තමුන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධව සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ලියාපදිංචි වූ ඔවුන්ගේ සියලු බාලයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද යන මුළු සභාවට ඔව්හු ඒවා දුන්නෝ ය. තවද, තමන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධ ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ලියාපදිංචි වූ ඔවුන්ගේ සියලු බාලයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද යන මුළු සභාවට ඔව්හු ඒවා දුන්නෝ ය. තවද, තමන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධ ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 31:18
6 හුවමාරු යොමු  

දොරකඩවල දොරටුපාලයන් කොට තෝරාගන්නාලද ඒ සියල්ලෝ දෙසිය දොළොස් දෙනෙක්ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියවුණෝය, දාවිත් සහ දර්ශනකාරයාවූ සාමුවෙල්ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත්කළෝය.


ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය.


එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,


තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.


නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.


දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.