අනික් කෙරූබ්-රූපයේ පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපතත් රියන් පහක් දිගව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට වැදෙන ලෙසද තිබුණේය.
2 ලේකම් 3:13 - Sinhala Revised Old Version මේ කෙරූබ්-රූපවල පියාපත් විසි රියනක් විහිදී තිබුණේය. ඒවා කෙළින් පිහිටී තිබුණේය, ඒවායේ මුහුණු ගෘහය දෙසට විය. Sinhala New Revised Version මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය. Sinhala New Revised Version 2018 මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය. |
අනික් කෙරූබ්-රූපයේ පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපතත් රියන් පහක් දිගව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට වැදෙන ලෙසද තිබුණේය.
ඔහු නිල්, රත්නිල්, රතු නූල්වලිනුත් සිහින් හණ නූල්වලිනුත් තිරයද ඒ පිට කෙරූබ්-රූපද සෑදුවේය.
කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.