එසේ වී නුමුත් උස් තැන් අහක් නොකරනලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.
2 ලේකම් 25:2 - Sinhala Revised Old Version ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය. Sinhala New Revised Version ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ. Sinhala New Revised Version 2018 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ. |
එසේ වී නුමුත් උස් තැන් අහක් නොකරනලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.
යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.
තවද රජකම ඔහු කෙරෙහි ස්ථිර වුණ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් මැරුවාවූ තමාගේ සේවකයන් මරාදැම්මේය.
ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
ඔවුන්ගේ සිත බෙදී තිබේ; දැන් ඔවුන් අච්චුවිඳිනවා ඇත. උන්වහන්සේම ඔවුන්ගේ පූජාසන පෙරළාදමා, ඔවුන්ගේ රූපස්තම්භ නාස්තිකරනසේක.
මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.
දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.