මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂාකරමින්: ආබ්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය.
1 සාමුවෙ 3:4 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය. |
මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂාකරමින්: ආබ්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය.
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.
උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.
ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.
එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.
මෙසේ දෙවියන්වහන්සේ පළමුකොට ප්‍රේරිතයන්ද දෙවනුව අනාගතවක්තෘවරුන්ද තුන්වෙනුව ගුරුවරුන්ද ඊළඟට ආශ්චර්ය කරන්නන්ද පසුව සුවකිරීමේ දීමනාද උපකාරද ආණ්ඩුද නානා වර්ග භාෂාද සභාවෙහි පිහිටෙවුසේක.
ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය.