Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 22:1 - Sinhala Revised Old Version

1 මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂාකරමින්: ආබ්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 22:1
24 හුවමාරු යොමු  

ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.


එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.


අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද?


මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.


රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.


ඊසාක් තමාගේ පියවූ ආබ්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය.


එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.


එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා.


ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.


මෙසේ කරන්නේ ඔවුන්ගේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂාකළාක් මෙන් ඔව්හු ඒ මාර්ගයෙහි හැසිරෙන ලෙස ඒක රක්ෂාකරන්නෝද නැද්දැයි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්‍රායෙල් සෝදිසිකරන පිණිසයයි කීසේක.


නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.


ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා විමසනසේක. නුමුත් උන්වහන්සේගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂකරයි.


මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.


ආබ්‍රහම්ට මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය.


ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, නුඹ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය.


දෙවියන්වහන්සේ රාත්‍රියේ දර්ශනවලින් ඉශ්‍රායෙල්ට කථාකොට: යාකොබ්, යාකොබ් යයි කීසේක. මම මෙහි යයි ඔහු කීවේය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්