අපේ ලකුණු අපට නොපෙනෙයි. අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය; කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.
1 සාමුවෙ 3:1 - Sinhala Revised Old Version සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය. Sinhala New Revised Version ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය. Sinhala New Revised Version 2018 ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය. |
අපේ ලකුණු අපට නොපෙනෙයි. අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය; කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.
මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.
විපත්තියක් පාසා විපත්තියක්ද ආරංචියක් පාසා ආරංචියක්ද පැමිණෙන්නේය; ඔවුන් අනාගතවක්තෘවරයාගෙන් දර්ශනයක් සොයනවා ඇත; නුමුත් පූජකයාගෙන් ව්‍යවස්ථාවද වැඩිමහල්ලන්ගෙන් මන්ත්‍රණයද නැතිවන්නේය.
එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේය. ළමයාද ඒලී පූජකයා ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය.
එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.
මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය.
තවද නුඹේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.
සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.
ස්වාමීන්වහන්සේ ෂීලෝහිදී නැවතත් පෙනුණුසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනයෙන් ෂීලෝහි සාමුවෙල්ට එළිදරව්වුණසේක.