පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.
1 සාමුවෙ 28:1 - Sinhala Revised Old Version තවද ඒ දවස්වලදී පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන පිණිස තමුන්ගේ සේනා යුද්ධයට රැස්කළෝය. ආකීෂ් දාවිත්ට කථාකොට: නුඹ හා නුඹේ මිනිසුන් මා සමඟ සමුදාව අතරේ යන්ට ඕනෑ බව දැනගන්නැයි කීවේය. Sinhala New Revised Version ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, “ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, “ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය. |
පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.
පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යූදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.
ආකීෂ් දාවිත් විශ්වාසකොට: ඔහු තමාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් තමාට මුළුමනින් පිළිකුල්කරන්ට සලස්වාගත් බැවින් ඔහු සෑම කල්හිම මාගේ මෙහෙකරුවා වන්නේයයි කීවේය.
පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට රැස්ව සිටින බව පිලිස්තිවරුන් ඇසූකල පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ අසා පිලිස්තිවරුන්ට භය වූවෝය.