Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 28:1 - Sinhala New Revised Version 2018

1 ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, “ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, “ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද ඒ දවස්වලදී පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන පිණිස තමුන්ගේ සේනා යුද්ධයට රැස්කළෝය. ආකීෂ් දාවිත්ට කථාකොට: නුඹ හා නුඹේ මිනිසුන් මා සමඟ සමුදාව අතරේ යන්ට ඕනෑ බව දැනගන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 28:1
7 හුවමාරු යොමු  

පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.


ආකීෂ් දාවිත් කෙරෙහි විශ්වාසය තබා, “ඔහු තමාගේ ම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පිළිකුල මුළුමනින් ම තමා පිට පමුණුවාගෙන ඇති බැවින් ඔහු සෑම කල්හි ම මාගේ මෙහෙකරුවා වනු ඇතැ”යි සිතාගත්තේ ය.


පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.


ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ.


පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළහ. එවිට ඉශ්රායෙල් සෙනඟ පිලිස්තිවරුන් වෙතින් පලා ගොස් ගිල්බෝවා කන්දේ දී මැරුම් කා වැටුණෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්