ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.
1 සාමුවෙ 26:13 - Sinhala Revised Old Version එවිට දාවිත් අනික් පැත්තට ගොස්, දෙගොල්ල අතරේ මහත් ඉඩ ප්‍රමාණයක් ඇති වන ලෙස කන්ද මුදුනේ දුරින් සිටියේය. Sinhala New Revised Version එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේ ය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය. Sinhala New Revised Version 2018 එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේ ය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය. |
ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.
ඉන්පසු දාවිත් නැගිට ගුහාවෙන් පිටතට ගොස්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සැයි කියා සාවුල්ට මොරගැසීය. සාවුල් පස්සට හැරී බැලූ කල දාවිත් මුහුණින් බිමට නැමී වැඳ,
මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් ගෙන අහක්ව ගියේය; ඒක කවුරුවත් දුටුවේ නැත, දැනගත්තෙත් නැත, කිසිවෙක් පිබිදුණෙත් නැත. සියල්ලෝම නිදාඋන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් බර නින්දක් ඔවුන්ට පැමිණ තිබුණේය.
තවද දාවිත් සෙනඟටත් නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් හඬගසා: අබ්නේර්, නුඹ උත්තර නොදෙන්නෙහිදැයි කීය. එවිට අබ්නේර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ට හඬගසන නුඹ කවුදැ යි ඇසුවේය.