1 සාමුවෙ 25:4 - Sinhala Revised Old Version නාබල් තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවන බව කාන්තාරයේදී දාවිත්ට සැලවිය. Sinhala New Revised Version නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පන බව කාන්තාරයේ දී දාවිත්ට සැළ විය. Sinhala New Revised Version 2018 නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පන බව කාන්තාරයේ දී දාවිත්ට සැළ විය. |
මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.
ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.
දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,