ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.
1 සාමුවෙ 25:13 - Sinhala Revised Old Version දාවිත්ද: නුඹලා එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්නැයි තමාගේ මිනිසුන්ට කීය. ඔව්හු හැමදෙනම තම තමුන්ගේ කඩු බැඳගත්තෝය; දාවිත්ද තමාගේ කඩුව බැඳගත්තේය. මිනිසුන් හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝය; දෙසියයක් බඩු ළඟ නැවතී සිටියෝය. Sinhala New Revised Version එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ. Sinhala New Revised Version 2018 එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ. |
ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.
නපුරට ප්‍රතිඵල දෙමියි නොකියා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.
නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගෙන් දැනුමැතිකම් නොවිචාරා ඔවුන්ගේ ආහාරවලින් පිළිගත්තෝය.
විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.
එවිට දාවිත්ද හසියයක් පමණවූ ඔහුගේ මිනිස්සුද නැගිට කෙයිලායෙන් පිටත්වී තමුන්ට යන්ට පුළුපුළුවන් තැන්වලට ගියෝය. දාවිත් කෙයිලායෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වනලද්දේය; එවිට ඔහු තමාගේ ගමන නැවැත්තුවේය.
එවිට දාවිත්ගේ යෞවනයෝ හැරී ගොස් දාවිත් ළඟට පැමිණ ඒ සියලු වචනවල ප්‍රකාරයට ඔහුට දැන්නුවෝය.
එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් හසියයද පිටත්වී මායොක්ගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට ගියෝය.