ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 23:4 - Sinhala Revised Old Version

එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 23:4
14 හුවමාරු යොමු  

ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්න. මක්නිසාද මම සැබවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවාදෙන්නෙමියි දාවිත්ට කීසේක.


මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.


දාවිත්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්ද කියා දෙවියන්වහන්සේගෙන් පිළිවිසීය. ස්වාමීන්වහන්සේද: යව; මම ඔවුන් නුඹ අතට පාවාදෙමියි ඔහුට කීසේක.


එවිට නුඹලා සැඟවී සිටින තැනින් නැගිට ඇවිත් නුවර අල්ලාගන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹලා අතට පාවාදෙන සේක.


තවද ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිළේවා, මේ වර පමණක් කථාකරන්නෙමි. මේ වර පමණක් ලොම් මිටියෙන් විමසන්ට මට අවසර ලැබේවා; මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබේවයි කීවේය.


ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.


එදා රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට කඳවුරට බැස යන්න; මක්නිසාද මම එය නුඹ අතට පාවාදුනිමි.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.


නුමුත් දාවිත්ගේ මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: අපි මෙහි යූදාහිදී භයෙන් සිටිමුව. පිලිස්තිවරුන්ගේ සමුදාවලට විරුද්ධව අපි කෙයිලාට ගියොත් කොපමණ වැඩියෙන් භයනොවන්නෙමුදැයි කීවෝය.


එවිට දාවිත්ද ඔහුගේ මිනිස්සුද කෙයිලාට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධකොට, ඔවුන්ගේ සිව්පාවුන් අල්ලාගන, මහත් නාස්තියකින් ඔවුන් නාස්තිකළෝය. මෙසේ දාවිත් කෙයිලාහි වැසියන් ගැළෙවුවේය.


සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.


මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.