Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:2 - Sinhala Revised Old Version

2 එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:2
17 හුවමාරු යොමු  

එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.


දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල්හි උන්වහන්සේ: නුඹ ඉස්සරහට නොයන්න. වටකරින් ඔවුන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් ළඟට පැමිණියන්න.


දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්න. මක්නිසාද මම සැබවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවාදෙන්නෙමියි දාවිත්ට කීසේක.


ස්වාමීන්වහන්ස, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.


මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.


අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගෙන් දැනුමැතිකම් නොවිචාරා ඔවුන්ගේ ආහාරවලින් පිළිගත්තෝය.


ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.


දාවිත්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්ද කියා දෙවියන්වහන්සේගෙන් පිළිවිසීය. ස්වාමීන්වහන්සේද: යව; මම ඔවුන් නුඹ අතට පාවාදෙමියි ඔහුට කීසේක.


යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.


පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


නුමුත් දාවිත්ගේ මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: අපි මෙහි යූදාහිදී භයෙන් සිටිමුව. පිලිස්තිවරුන්ගේ සමුදාවලට විරුද්ධව අපි කෙයිලාට ගියොත් කොපමණ වැඩියෙන් භයනොවන්නෙමුදැයි කීවෝය.


ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


සාවුල්ද: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ට ඕනෑද? ඔබවහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදෙනසේක්දැයි දෙවියන්වහන්සේගෙන් විචාළේය. නුමුත් උන්වහන්සේ එදා ඔහුට උත්තර නුදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්