මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් නුඹේ කන්දට පලායවයි මාගේ ආත්මයට නුඹලා කෙසේ කියවුද?
1 සාමුවෙ 23:3 - Sinhala Revised Old Version නුමුත් දාවිත්ගේ මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: අපි මෙහි යූදාහිදී භයෙන් සිටිමුව. පිලිස්තිවරුන්ගේ සමුදාවලට විරුද්ධව අපි කෙයිලාට ගියොත් කොපමණ වැඩියෙන් භයනොවන්නෙමුදැයි කීවෝය. Sinhala New Revised Version එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ. Sinhala New Revised Version 2018 එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ. |
මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් නුඹේ කන්දට පලායවයි මාගේ ආත්මයට නුඹලා කෙසේ කියවුද?
පයින් යන්නන් සමඟ නුඹ දුවන විට ඔව්හු නුඹ වෙහෙසුවෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කොහොමද? සමාදාන දේශයකදී නුඹ සැඟවෙන්නෙහි නම්, යොර්දාන් වනයේදී නුඹ කුමක් කරන්නෙහිද?
දාවිත්ද තමා මරන්ට සාවුල් පිටත්ව ආ බව දුටුවේය. එකල දාවිත් ශීප් කාන්තාරයේ තිබුණ කැලෑවක සිටියේය.
එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.
ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම නුඹලා සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යූදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.
සාවුල් කන්දේ එක පැත්තකින්ද දාවිත් හා ඔහුගේ මිනිස්සු කන්දේ අනික් පැත්තෙන්ද ගියෝය. සාවුල් සහ ඔහුගේ මිනිසුන් දාවිත් සහ ඔහුගේ මිනිසුන් අල්ලාගන්න පිණිස වටකළ නිසා දාවිත් සාවුල්ට භයෙන් ගැළවීයන්ට ඉක්මන්කෙළේය.
එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.