1 සාමුවෙ 22:11 - Sinhala Revised Old Version එවිට රජතෙමේ අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් නම් පූජකයාටද නොබ්හි සිටි පූජකයන් වන ඔහුගේ පිය වංශයේ සියල්ලන්ටද අඬගස්වා ඇරියේය. ඔවුන් සියල්ලෝ රජු ළඟට ආවෝය. Sinhala New Revised Version එවිට රජ තෙමේ අහිතුබ්ගේ පුත්‍ර වූ අහිමෙලෙක් නම් පූජකයාට ද නොබ්හි සිටි ඔහුගේ ඥාති පූජකයන් සියල්ලන්ට ද අඬගස්වා පණිවුඩයක් යැව්වේ ය. ඔව්හු සියල්ලෝ රජු වෙත පැමිණියහ. Sinhala New Revised Version 2018 එවිට රජ තෙමේ අහිතුබ්ගේ පුත්‍ර වූ අහිමෙලෙක් නම් පූජකයාට ද නොබ්හි සිටි ඔහුගේ ඥාති පූජකයන් සියල්ලන්ට ද අඬගස්වා පණිවුඩයක් යැව්වේ ය. ඔව්හු සියල්ලෝ රජු වෙත පැමිණියහ. |
එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු නුඹ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
හෙතෙම ස්වාමීන්වහන්සේගෙන් ඔහු උදෙසා විචාරා, ඔහුට ආහාර දී, පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේයයි කීවේය.
එවිට සාවුල්: අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැයි කීය. ඔහු: මාගේ ස්වාමිනි, මම මෙහියයි උත්තරදුන්නේය.