Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:10 - Sinhala Revised Old Version

10 හෙතෙම ස්වාමීන්වහන්සේගෙන් ඔහු උදෙසා විචාරා, ඔහුට ආහාර දී, පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:10
11 හුවමාරු යොමු  

පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.


මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.


එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.


එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.


එවිට දාවිත්: කෙයිලාහි මනුෂ්‍යයන් මා සහ මාගේ මිනිසුන් සාවුල් අතට පාවාදෙනවා ඇද්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: ඔවුන් පාවාදෙනවා ඇතැයි කීසේක.


මා ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාරන්ට පටන් ගත්තේ මේ දවසේදීද? එය මාගෙන් දුරුවේවා. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාවූ මා කෙරෙහිවත් මාගේ පිය වංශයේ කිසිවෙකු කෙරෙහිවත් වරද නොතබත්වා. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා මේ මුළු කාරණය ගැන අඩු වශයෙන්වත් වැඩි වශයෙන්වත් කිසිවක්ම නොදන්නේයයි කීවේය.


සාවුල්ද: නුඹත් යෙස්සේගේ පුත්‍රයාත් මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ මක්නිසාද? නුඹ ඔහුට ආහාරද කඩුවක්ද දුන්නෙහිය, අද දවසේ පෙනෙන හැටියට, ඔහු මට විරුද්ධව රැකසිටීමට නැගිටින පිණිස ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාළෙහියයි ඔහුට කීවේය.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


එවිට රජතෙමේ අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් නම් පූජකයාටද නොබ්හි සිටි පූජකයන් වන ඔහුගේ පිය වංශයේ සියල්ලන්ටද අඬගස්වා ඇරියේය. ඔවුන් සියල්ලෝ රජු ළඟට ආවෝය.


දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්