1 සාමුවෙ 14:30 - Sinhala Revised Old Version ඉදින් සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් ලබාගත් කොල්ලයෙන් රිසිසේ අද කෑවානම් තව කොපමණ හොඳද? මක්නිසාද දැනට පිලිස්තිවරුන් අතරෙහි මහත් නාස්තියක් වී නැතැයි කීවේය. Sinhala New Revised Version ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය. |
එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න.
ඔව්හු ඒ දවසේදී මික්මාෂ් පටන් ආයලොන් දක්වා පිලිස්තිවරුන්ට පහරදුන්නෝය. සෙනඟ ඉතා විඩාවී සිටියෝය.