1 සාමුවෙ 12:6 - Sinhala Revised Old Version සාමුවෙල් සෙනඟට කථාකොට: මෝසෙස් සහ ආරොන් පත්කළෙත් මිසරයෙන් නුඹලාගේ පියවරුන් ගෙනාවෙත් ස්වාමීන්වහන්සේය. Sinhala New Revised Version සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය. Sinhala New Revised Version 2018 සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය. |
උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත ගෙනෙන පිණිස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකළේ මෙම මෝසෙස් සහ ආරොන්ය.
ප්‍රොපේතවරයෙකු ලවා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙන්වූසේක, ප්‍රොපේතවරයෙකු ලවා ඔව්හු ආරක්ෂාකරනු ලැබුවෝය.
මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.