Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:27 - Sinhala Revised Old Version

27 ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත ගෙනෙන පිණිස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකළේ මෙම මෝසෙස් සහ ආරොන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස මිසරයේ රජ වූ පාරාවෝට කතා කෙළේත් එම මෝසෙස් සහ ආරොන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස මිසරයේ රජ වූ පාරාවෝට කතා කෙළේත් එම මෝසෙස් සහ ආරොන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:27
12 හුවමාරු යොමු  

මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන,


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය. ආරොන් තමාගේ සැරයටිය ඵාරාවෝද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි හෙළීය, එවිට ඒක සර්පයෙක් වුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද ආරොන්ටද කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැනත් මිසරයේ රජවූ ඵාරාවෝ ගැනත් ඔවුන්ට අණක් දුන්සේක.


තවද මිසර දේශයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකළ දවසේ


මම මෝසෙස් සහ ආරොන් යවා මා විසින් මිසරය මධ්‍යයෙහි කළ ප්‍රකාරයටම ඊට පීඩාකෙළෙමි. පසුව නුඹලා පිටතට ගෙනායෙමි.


සාමුවෙල් සෙනඟට කථාකොට: මෝසෙස් සහ ආරොන් පත්කළෙත් මිසරයෙන් නුඹලාගේ පියවරුන් ගෙනාවෙත් ස්වාමීන්වහන්සේය.


උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්