ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.
1 ලේකම් 5:23 - Sinhala Revised Old Version මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය. Sinhala New Revised Version මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය. Sinhala New Revised Version 2018 මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය. |
ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.
සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.
මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න.
ඔව්හු නුඹේ තට්ටු සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදුවෝය. නුඹට කුඹගසක් සාදන්ට ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්තෝය.
ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.
ගිලියද්ද ගෙෂූර්වරුන්ගෙත් මයකාත්වරුන්ගෙත් පළාතද මුළු හෙර්මොන් කඳුකරයද අෂ්ටාරොත්හිත් එද්‍රෙයෙහිත් රජකම් කළාවූ