ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 5:21 - Sinhala Revised Old Version

ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක්ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක්ද කොටළුවන් දෙදහසක්ද මිනිසුන් ලක්ෂයක්ද අල්ලාගෙන ගියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පණස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පණස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 5:21
7 හුවමාරු යොමු  

ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.


යුද්ධය දෙවියන්වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටුණෝය. වාල්කමට ගෙනයාම දක්වා ඔව්හු මොවුන්ගේ ඉඩමෙහි වාසයකළෝය.


ස්වාමීන්වහන්සේ ආසා සහ යූදාවරුන් ඉදිරියෙහි කූෂ්වරුන් පැරදවූසේක; කූෂ්වරු පලාගියෝය.


ඔව්හු සිව්පාවුන්ගේ මඩුවලටත් පහරදී බොහෝ බැටළුවන්ද ඔටුවන්ද අල්ලාගෙන යෙරුසලමට හැරී ආවෝය.


ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.


පුරුෂයෙකු සමඟ සයනයකිරීම දැනනොගත් ස්ත්‍රීන් තිස් දෙදාහක්ද විය.


කුරුඳුද කුළු බඩුද සුගන්ධ ද්‍රව්‍යද තෛලද කට්ටකුමංචල්ද මුද්‍රිකපානයද තෙල්ද සිහින් පිටිද ධාන්‍යද ගවයන්ද බැටළුවන්ද; අශ්වයන් සහ රථද වහලුන්ද මනුෂ්‍යයන්ගේ ප්‍රාණද යන මේවාය.