ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 3:5 - Sinhala Revised Old Version

යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 3:5
11 හුවමාරු යොමු  

දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය.


සාලමොන් රජ උත්තරදෙමින්; නුඹ අදොනියා උදෙසා ෂුනම්මිය අබිෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවියි තමාගේ මෑණියන්ට කීවේය.


ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්; නොගා, නෙපෙග්, යාපියා;


යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;


ඔහු මෙලෙයාගේ පුත්‍රයාය, ඔහු මෙන්නාගේ පුත්‍රයාය, ඔහු මත්තතාගේ පුත්‍රයාය, ඔහු නාතන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය,