1 ලේකම් 27:9 - Sinhala Revised Old Version හවෙනි මාසයට හවෙනි අධිපතියා නම් තෙකෝයීය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය. Sinhala New Revised Version හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. Sinhala New Revised Version 2018 හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
හත්වෙනි මාසයට හත්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ පෙලෝනිය හේලෙශ්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
පස්වෙනි මාසයට පස්වෙනි අධිපතියා නම් ඉස්‍රාහිය ෂම්හුත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.