ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 22:3 - Sinhala Revised Old Version

දොරටුවල දොර ඇණ පිණිසත් සන්ධි පිණිසත් දාවිත් යකඩ බොහෝමයක් සූදානම්කෙළේය; ගණන් නැති බොහෝ පිත්තලත් ගණන් නැති කිහිරි ලීත් සූදානම්කෙළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 22:3
7 හුවමාරු යොමු  

ඒ සියලු බඩු ඉතා මහත් ගණනක්ව තිබුණ බැවින් සාලමොන් ඒවා නොකිරා හැරියේය. පිත්තලවල බරද දැනගත්තේ නැත.


මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.


එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි.


දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය.


මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.


සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් එක මුහුදත් මැසි යට තිබුණු පිත්තල ගව රූප දොළොසත් යන සියලු භාණ්ඩයන්හි පිත්තලවල බර ගණනක් නැතුව තිබුණේය.


ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන.