එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
1 ලේකම් 21:18 - Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ගාද්ට කථාකොට: යෙබූසිය ඔර්ණාන්ගේ කමතේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන පිණිස නැගී යන ලෙස දාවිත්ට කියන්ට අණකෙළේය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය. |
එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.
එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය.
එකල සාලමොන් යෙරුසලමෙහි තමාගේ පියවූ දාවිත්ට ස්වාමීන්වහන්සේ පෙනුණු මොරියා කන්දේ යෙබූසියවූ ඔර්ණන්ගේ කමතේ දාවිත් විසින් නියමකළ ස්ථානයෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.