Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 21:17 - Sinhala Revised Old Version

17 දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: සෙනඟ ගණන්කරන්ට අණකළ තැනැත්තා මම නොවෙම්ද? පව්කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියාකළේ මමය; නුමුත් මේ බැටළුවෝ මක්කළෝද? අනේ මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පහරදීම පිණිස ඔබගේ අත ඔබගේ සෙනඟ පිටට නොව මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “සෙනඟ ගණන් කරන්න අණ කළ තැනැත්තා මම නොවෙම් ද? පව් කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ මම ය. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ! මාගේ දෙවි සමිඳාණන් වහන්ස, පහර දීම පිණිස ඔබේ හස්තය ඔබේ සෙනඟ පිට නොව මා පිටත්, මාගේ පිය වංශය පිටත් පැමිණේවා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “සෙනඟ ගණන් කරන්න අණ කළ තැනැත්තා මම නොවෙම් ද? පව් කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ මම ය. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ! මාගේ දෙවි සමිඳාණන් වහන්ස, පහර දීම පිණිස ඔබේ හස්තය ඔබේ සෙනඟ පිට නොව මා පිටත්, මාගේ පිය වංශය පිටත් පැමිණේවා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:17
20 හුවමාරු යොමු  

මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


අප ප්‍රේමය දැනගන සිටින්නේ ඒ තැනන්වහන්සේ තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය.


මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි.


දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?


දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා ගීතිකාකරන්නේය.


ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.


කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.


දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝකොට පව්කෙළෙමි. එහෙත් දැන් ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද මම බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.


දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.


නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.


ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය.


එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.


එහෙත් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ නුඹලා අද ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි.


මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්