1 ලේකම් 1:34 - Sinhala Revised Old Version ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්‍රායෙල්ය. Sinhala New Revised Version ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේ ය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල් ය. Sinhala New Revised Version 2018 ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේ ය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල් ය. |
යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක.
මිදියාන්ගේ පුත්‍රයෝනම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායාය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝය.
ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය;
ඔහු යාකොබ්ගේ පුත්‍රයාය, ඔහු ඊසාක්ගේ පුත්‍රයාය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයාය, ඔහු තේරාගේ පුත්‍රයාය, ඔහු නාහොර්ගේ පුත්‍රයාය,
උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.