ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 7:20 - Sinhala Revised Old Version

කුළුනු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින් ඛන්ඩිය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කුළුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කුලුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 7:20
7 හුවමාරු යොමු  

ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය.


කුළුනු පිට තිබුණ පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද;


එක එක කුළුනේ උස දහඅට රියනක්ය, ඒක පිට පිත්තල පේකඩයක් විය. පේකඩයේ උස තුන් රියනක්ය; පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන් විය. දෙවෙනි කුළුන පිටත් එයාකාරම දැල් වැඩ තිබුණේය.


දේව වාක්‍යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය.


කුළුනු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද යන මේවාය.


ඒ කුළුනුවලින් එක එක කුළුනේ උස දහඅට රියනක්ය; ඒ වටේට දොළොස් රියන් පටියක් තිබුණේය; එහි ගනකම අඟල් සතරක්ය. ඒක කුහරව තිබුණේය.