කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.
1 රාජාවලිය 7:17 - Sinhala Revised Old Version කුළුනු මුදුන්පිට තිබුණු පේකඩවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක පේකඩයට සතක්ද අනික් පේකඩයට සතක්ද තිබුණේය. Sinhala New Revised Version කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි. Sinhala New Revised Version 2018 කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි. |
කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.
කුළුනු මුදුන් පිට තිබුණ පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය.
එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,
එක එක කුළුනේ උස දහඅට රියනක්ය, ඒක පිට පිත්තල පේකඩයක් විය. පේකඩයේ උස තුන් රියනක්ය; පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන් විය. දෙවෙනි කුළුන පිටත් එයාකාරම දැල් වැඩ තිබුණේය.
පවිත්‍ර රනින් මාල දෙකක්ද සාදන්න; ඒවා ගෙතූ කර්මාන්තයෙන් ලනු මෙන් සාදා ගෙතූ මාල කෙවෙනිවලට බඳින්න.